Niwan Dakimu (නිවන් දකිමු!)
com.auradot.niwandakimu
View detailed information for Niwan Dakimu (නිවන් දකිමු!) — ratings, download counts, screenshots, pricing and developer details. See integrated SDKs and related technical data.
Screenshots
Description
නිසල තපෝ වන සෙනසුනක "සපිරුණු මෙත් සිතින්" යුතුව විමුක්ති සුවය අත්විඳිමින් වැඩ වසන ඒ උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ඔබෙත් මගෙත් මහත් වූ කුසලයට ම පහළ වූ බව හැඟේ. තථාගත අමා මෑණියන් වහන්සේ වදාළ සදා නිවී සැනසෙන ලොව්තුරු දහම තමා තුළින්ම ප්‍රායෝගිකව අත්දැක, අත්විඳ ඒ "දහම් සාරය" අපට බෙදා දෙන්නට මෙම නිවුනු උතුමො,තම මුළු දිවියම කැපකරමින් සුවසේ වැඩ වසන සේක. උන් වහන්සෙ වෙතින් නිරායාසයෙන්ම ගලා එන "නිවන් දකිමු "දහම් පණිවිඩය තුලින්, නිමක් නොපෙනෙන සසර ගමන නිමා කොටගෙන පූර්ණ නිවීමෙන් සදාකාලික සුවය අත්විඳ ගන්නට "අප සැමට"උන්වහන්සේ මෙත් සිතින් ඇරැයුම් කරන සේක. කුසල් බර පින්වතුනි.අවදි වන්න ! මේ එයට කාලයයි.
වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය. මෙවැනි අවුල්සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි. ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ. එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම, ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි. ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි. ඔබගේ අවශ්‍යාතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි. දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය. දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න.